Andara Yaye - Karunarathna diulgane, Andara Yaye Lyrics, Popular Sinhala Songs, Top Sinhala Songs

Поделиться
HTML-код
  • Опубликовано: 10 апр 2025
  • SUBSCRIBE 👉 / @sulagaentertainment
    Top Sinhala Songs!!
    ♫ Tracklist ♫ - Andara Yaye
    Artist - Karunarathna Diulgane
    Music- Rohana Darmakirthi
    Lyrics- Kumara Liyanage
    FYI :-
    All of the songs featured herein are owned by the original owners of the song and this is why their songs are getting more and more popular.
    If the Artist/Producer / Cinemagrapher / Artwork Artist has an issue with the song or picture we've used, please contact us via email (sulagemusic@gmail.com) and the video will be taken down immediately.
    Enjoy & Stay Connected With Us!!!
    Please Subscribe our new channel
    • Sulagata kiyanna intro
    Key Words ;
    Sinahala top music,sinahala popular songs,lyrics,karunarathna diulgane,top 10 music
    #Andarayaye #karunarathnadiulgane #lyrics

Комментарии • 806

  • @sulagaentertainment
    @sulagaentertainment  2 года назад +193

    තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලට, එයාලගේ ලස්සනම දවසේ ඒ කොල්ලා ,තමන්ගේ ආදරේ මේ විදියට ප්‍රකාශ කරන්න උත්සහ කරලා තියෙන විදිය ඇත්තටම සතුටුයි. ඔයාලත් කැමතිනම් බලලා ඒ දෙන්නගේ අලුත් ජීවිතයට සුභ පැතුමක් එක් කරලා, ඔයාලගෙ සහයෝගය දෙන්න.
    ruclips.net/video/A7IUCsdEUj4/видео.html

  • @tharukadasun5175
    @tharukadasun5175 3 года назад +185

    තාත්තා කියන ඒ මහා ප්‍රතාපවත් පුද්ගලයාට උපහාරයක්ම වේවා!!

  • @nayanicgs137
    @nayanicgs137 2 года назад +149

    මේ සින්දුව කවදාවත් ඇසෙන් කදුලක් වැටෙන්න නැතිව කවදාවත්ම මට අහන්න බැහැ. එතරන් මගේ තාත්තගේ ගුණ සුවද දැනෙනවා. මෛත්‍රී බුදුන් දැක එකම ධම් මණ්ඩපයක උතුම් වු ධර්මය අවබෝධ කරන් නිවන් දකිමු තාත්තේ.

    • @NishaNisha-r7d
      @NishaNisha-r7d Год назад +1

      Mage pathumat esemai...😢😢

    • @KamalPushpakumara-b8j
      @KamalPushpakumara-b8j 8 месяцев назад

      ඔබේ පැතුම එලෙසින්ම ඉටුවේවා !

    • @achalalakmali5150
      @achalalakmali5150 3 месяца назад +1

      අනේ ඔව් 😢මගේ තාත්තා නැතිවුනේ අඩු වයසින්.ඒත් එයාගෙ සුවද මට තාමත් දැනෙනවා😢😢😢

    • @MahindhaRathna-t5m
      @MahindhaRathna-t5m 10 дней назад

      Mage pathumath esemai . I love my father ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 года назад +214

    මට තාත්තා කෙනෙක් නැ...😢😢මම දන්නෙ නැ ඒ කවුද කියලවත්...😫 ඒත් මාව බිහිකරපු පිනෙන් මගේ රත්තරං තාත්තා මතු බුදුවේවා..❤️🥺

  • @anushaauvashini7279
    @anushaauvashini7279 2 года назад +131

    "අප්පච්චී" හැමදාමත් මං වැඩියෙන්ම ආදරෙ කරන පිරිමි හදවත........
    දුවකුගේ ලෝකයෙ එකම වීරයා අප්පච්චී..... ඔහුට සමකල කිසිවෙකුත් නොමැත.....

  • @kavindi_1420
    @kavindi_1420 2 года назад +201

    මගේ තාත්තා ඇතුලු සියලු පියවරු බුදු වේවා....🙏❤️🌼

  • @kaushika1100
    @kaushika1100 3 года назад +75

    මගේ අප්පච්චි මන් ගාව ඉන්නවා… එ හිටියත් මේ සින්දුව අහද්දි ඇඩුම නවත්වගන්න බෑ. රත්තරන් අප්පචිගේ ගුණ කොච්චර කිව්වත් මදි.. මගේ පුතාටත් එ වගේ අප්පච්චි කෙනෙක් වෙන්න තමා මාත් උත්සහ කරන්නේ…. මගේ අප්පචිට රත්නත්තරේ පිහිටයි වගේම සියලුම අප්පචිලාටත් තාත්තලාටත් රත්නත්තරේ පිහිටයි…🙏🙏🙏🙏🙏

  • @chandradahanayake4560
    @chandradahanayake4560 3 года назад +126

    හරිම දුකයි මතක් වෙද්දී ....තාත්තා උපදින මතු සසරේ අපේම වී ඉපිද අවසන බුදුන්දැක නිවන් දකීවා ❤️❤️❤️

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 2 года назад +69

    තනතුර කට එහා ඇති ලොව උතුම් ම පදවියේ අසීමාන්තික ආදරයේ ජීවමාන සාක්ශිය ,තාත්තා ❤️❤️❤️🙏

  • @poornaadikari8981
    @poornaadikari8981 Год назад +127

    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    වළාකුලේ දා බිදු තවරා
    මහපොළවට මහ වැසි ගෙනෙනා
    වළාකුලේ දා බිදු තවරා
    මහපොළවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
    පිතු සෙනෙහේ කඳුලැලි සලනා
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    තුරු හිස මුදුනේ මල් ඵලදා
    කැකුළු මුවට ඵල වැල නෙලුවා
    තුරු හිස මුදුනේ මල් ඵලදා
    කැකුළු මුවට ඵල වැල නෙලුවා
    ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
    සිදාදියට යන මං තැනුවා
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
    Translate to English

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 года назад +64

    අහන වාරයක් පාසා හිත රිදෙන ඇස් වලට කඳුළු පිරෙන සිංදුවක් අප්පච්චි 😌❤😭

  • @senerathkumara3239
    @senerathkumara3239 3 года назад +138

    තාත්තා කියන පුද්ගලයට සම කල හැකි වෙනත් කෙනෙක් මේ ලෝකේ නැහැ, මට වයස 53 එ්ත් තාත්තගේ අඩුව තවමත් දැනේනවා ,,,,,ඔබට උතුම් නිවන්සුව ප්‍රර්ථනා කරනවා !!!!💕💕💕💕

  • @danushakumara1288
    @danushakumara1288 3 года назад +40

    මම තාත්තාගෙ ආදරෙ විදලා නැ කවදාවත් ඒත් දැන් මම තාත්තා කෙනෙක් මේ සිංදුව හොදට දැනෙනවා මේ සිංදුව කොහොම ලිව්වද මන්දා මාරම අදහස් ❤️❤️❤️❤️❤️❤️

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 Год назад +16

    සසර ගමනේ අපූර්වතම නිර්මාණය තාත්තා! ඒ දෑත් වලින් අපේ ජීවිත කොච්චර හැඩකරනවද කිව්වොත් දෙවියන්ටවත් දෙවෙනි නෑ! ඔබ මට තාමත් හැමදාම පායන සූර්යයා වගේ... ආදරෙයි..!

  • @spchanel4872
    @spchanel4872 3 года назад +51

    නොවිදි පිය සෙනෙහස
    පතනෙමි උපදින හැම බවයෙදි
    වෙන් නොවී මගෙම වේවා...

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 2 года назад +26

    උතුම් වූ පියවරුන්ගේ අසීමිත කැපකිරීම් වලට වටිනාකමක් කෙසේනම් දෙන්නද, නමුත් උතුම් පියෙකුගේ දුක්වේදනාව ම ස්වකීය පුත්‍රයෙකුගේ සිතෙන් උපන් කවි සිතිවිල්ලම උපහාරයක් වේවා !

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 2 года назад +26

    මගෙ තාත්තා මතු බුදුන් දක නිවන් දකිත්වා!!!!!!!!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanikamaduwanthi9225
    @shanikamaduwanthi9225 2 года назад +41

    සිංදුව අහද්දී දුකහිතෙනවා .මම මගේ තාත්තාට ගොඩාක් ආදරෙයි .

  • @oshithadilhara5645
    @oshithadilhara5645 3 года назад +59

    සෑම පියෙක්ටම උපහාර වේවා ♥️😔

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +40

    තාත්තේ ඉක්මන් සුව ලැබේවා ..තෙරුවන් සරණයි ..දීඝායු ....මම දිනල එන්නම්..බුදු සරණයි ❤😘🙏

  • @SithumiSithumi-dt6yg
    @SithumiSithumi-dt6yg 10 месяцев назад +10

    මගේ රත්තරන් තාත්තාට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @wadwijebandara1100
    @wadwijebandara1100 2 года назад +22

    මගේ අප්පච්චිට පිං සිද්ධ වෙන්න මම අද ජිවත් වෙනවා.සංසාරෙ කවදාවත් ම එ වගෙ මරණයක් වෙන්න එපා.කොහෙ හරි හොදින් ඉන්න හැමදාම ලැබෙවා

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 года назад +73

    ආදරයෙයි තාත්තේ අද මෙහෙම කෙලින් ඉන්නේ ඔයයි අම්මයි නිසා 🥰❤️🙏

  • @bimalrohitha257
    @bimalrohitha257 3 года назад +55

    Introduction එක අහනකොටම කදුළු එනවා..ඒ තරමට ලස්සනට අපිට තාත්තා ගැන මතකයක් අරන් එනවා ... දැන් මේ වගේ සින්දු නැති එකනම් අපරාදේ 🙂

  • @chamodnuwanaththanagama348
    @chamodnuwanaththanagama348 3 года назад +140

    මගේ තාත්තා ත් අද හිටියනම් මාත් රජෙක් 😢😢😢😢 අම්මා ඔයා තමා ඒ අඩුව පිරෙවුවේ තවයත් පුරවන්නේ බුදු සරණයී ඔය දෙන්නටම ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduisha43
    @maduisha43 2 года назад +22

    මේ ලෝකේ හිත නිවෙන හිත හදන තැනක්නම් ... ඒ තාත්තා ලග තාත්තාගේ සෙනෙහෙ ලග ... කොච්චර අය ජීවිතේට ලන් වුනත් ඒ සෙනෙහස කියලා නිම කරන්න බෑ ... තාත්තා ...♥️♥️

  • @dinushachamani434
    @dinushachamani434 2 года назад +27

    මගේ ලෝකය එළිය කළ හිරු .....සමුදුර පරදන සෙනෙහස ...... සංසාරේ බුදුන් දැක නිවන් දකීවා මගේ තාත්තා 💐💓💐

    • @dinushachamani434
      @dinushachamani434 2 года назад

      ජිවිතයට ඇසුණ වේදනා බර අමිහිරි වදන් පෙල, "තාත්තා නැතිවෙලා" හදවත අදටත් එනතුරු මග බලනවා . ඒත් නොඑන බව දන්නවා.💐💐💐 තාත්තේ ආදරෙයි හැමදාමත් අපි💐💓💐

  • @isharaishara9045
    @isharaishara9045 2 года назад +24

    බුදුන් දැක නිවන් දකිත්වා!!!!💚
    අද නැති උනත් එකම ප්‍රාර්ථනාව😔💔🙏

  • @damitharathnayaka4414
    @damitharathnayaka4414 Год назад +11

    මගේ තාත්තා අපි හින්දා ගොඩක් දුක් විදිනවා. මගේ තාත්තාට දීර්ඝායුශ පතනවා

  • @anushilakashani1163
    @anushilakashani1163 2 года назад +42

    මගේ රත්තරන් තාත්තාත් අපි නිසා ගොඩක් දුක් වින්දා,හැම ආත්මයකම මගේම තාත්තා වෙලා ඉපදෙන්න ඕන,

  • @teeshakavindi4725
    @teeshakavindi4725 3 года назад +194

    දුවෙකුගෙ ජීවිතයෙ වීරයා කවුද කියලා ඇහුවෙත් ඒ එකම කෙනා එයාලගෙ තාත්තා විතරයි...තාත්තාගෙ චරිතයට සම කල හැකි වෙන කිසිම වීරයෙක් නැ ... ❤️❤️ආදරෙයි තාත්තෙ..❤️❤️

  • @author1400
    @author1400 3 года назад +23

    ඒදඬු මං බැඳ සත් කූළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා...❤️❤️❤️

  • @සදුනිතත්සරනි

    අද සමාජයේ පියවරුන්ව පාරට යවන මිනිස්සු වගේ ඉන්න තිරිසන්නුන්ට මේ සින්දු අහන්න දෙන්න ඕනි එතකොට තමයි මුන්ට තේරෙන්නෙ මේ පියවරු විදින දුක.අපි අපේ තාත්තාට ගොඩාක් ආදරෙයි.තාත්තේ ඔබ මතු බුදු වේවා.අපි හැමෝම තාත්තාට ආදරෙයි..❤❤❤❤❤❤

  • @සනා
    @සනා 19 дней назад

    මගේ රත්තරං අප්පච්චි ඇතුලුව මේ ලෝකෙ හැම අප්පච්චි කෙනෙකුටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sampathimadhumali6061
    @sampathimadhumali6061 2 года назад +23

    හැම තාත්තා කෙනෙකුට ම උපහරයක්ම වේවා !🙏

  • @dahamikaveesha9232
    @dahamikaveesha9232 2 года назад +20

    දුවෙක්ගෙ පලවෙනි ආදරවන්තයා තමන්ගෙ තාත්තා...මලක් වගේ රකින ඒ පිරිමි හිතට සමාන කරන්න පිරිමි හිත් මේ ලෝකෙ තවමත් නෑ....miss u my king🥺❤️🌎

  • @ElephantSoul
    @ElephantSoul 2 года назад +10

    සදා හදවතේ නොමැකෙන සන්නාමය අප්පච්චී

  • @ttthajjjas-lh4gs
    @ttthajjjas-lh4gs Год назад +24

    තාත්තගේ ආදරේ පිටට නොපෙනෙන ආදරයක්❤

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 3 года назад +10

    තාත්තා, ඒ වචනය තමයි මේ ලෝකෙ ලස්සන ම වචනය . මුලු ලෝකයම හැඩ වුනෙ ඒ වචනය නිසයි.

  • @piyalbandara4787
    @piyalbandara4787 3 года назад +39

    මට මගේ ලෝකයම හදපු අප්පච්ච් ...❤️❤️❤️❤️

  • @gpnishantha744
    @gpnishantha744 2 года назад +22

    ඔවුන් මතු බුදු ⁣වේවා 💖💖💖🙏🙏🙏

  • @gamgegamge9913
    @gamgegamge9913 3 года назад +40

    හැම පියෙක්ටම මේ සින්දුව උපහාරයක්ම වේවා...❤️‍🩹❤️‍🩹

  • @Piyumisilva-h1d
    @Piyumisilva-h1d 16 часов назад

    සියලුම අම්මාවරුන් සහා පියවරුණ් මතු බුදු වේවා 🙏🥺❤️

  • @sadusadu862
    @sadusadu862 2 года назад +7

    සංසාරේ බුදුන් දැක නිවන්දකිත්වා මගේ අප්පච්චී 🙏🙏 මගේ ලොකේ වීරයා අප්පච්චී ❤

  • @samirasandaruwan1003
    @samirasandaruwan1003 20 дней назад

    ❤ආදරෙයි තාත්තේ..මේ වගේ ගීතයක් ඉදිරිපත් කල ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතිය..🎉🎉ලස්සන,ආදරනීය ගීතයක්..

  • @mrdenuwanbro1002
    @mrdenuwanbro1002 Год назад +7

    මගෙ තාත්තා අපි වෙනුවෙන් අපේ ඉගෙනුම වෙනුවෙන් ගොඩක් දුක් විදිනවා ආදරෙයි අප්පච්චී❤️💖

  • @warosi4434
    @warosi4434 3 года назад +15

    මේ ලෝකෙ මට වැඩිපුරම දැනෙන සහ මම කැමතිම ගීතය... ❤️❤️❤️ අහන හැම වතාවෙම පපුව කීරි ගැහෙනවා... ආදරෙයි තාත්තේ... ❤️❤️❤️

  • @gaminikumara5460
    @gaminikumara5460 5 месяцев назад +9

    සුපිරි ගීතයක් ඈ

  • @e.d.n.u.9966
    @e.d.n.u.9966 2 года назад +20

    ඇහෙනකොට ඇහැට කදුලු එන ගීතයත්.. හරිම ලස්සනයි ❤️

    • @champikalenadora7583
      @champikalenadora7583 2 года назад +2

      ආදරණීය ප්‍රිය ගුණ කියන අරුත් බර ගීතයක් මගේ තාත්තාට මෙම ගීතය උපහාරයක් වේවා

  • @harshikalakshani4466
    @harshikalakshani4466 3 года назад +17

    ඇඩෙනවා, ඒ තරමටම හිතට වැදුනා😥😥

  • @nimeshchathuranga7717
    @nimeshchathuranga7717 3 года назад +11

    මේ වගේ ගීත ආයෙමත් අහන්නයි ඔනි...අදෝනා සින්දු නැතිව

  • @K.K.D.ThanujadilrukshiKannanga
    @K.K.D.ThanujadilrukshiKannanga 7 месяцев назад +6

    සෑම පියෙක්ටම උපහාරයක් වේවා❤

  • @bawanthawanshanath2425
    @bawanthawanshanath2425 2 года назад +14

    අම්මෙක් නැති අඩුව පුරෝනවා තාත්තා 😔♥️♥️

  • @d.s9835
    @d.s9835 3 года назад +21

    මගේ අප්පච්චි තමා මගේ ලොකුම වීරයා .😘😘🥰👍

  • @kumariperera3037
    @kumariperera3037 4 месяца назад +2

    මගේ තාත්තා වගේම අනෙකුත් සියළුම පියවරුන්ට බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @ratawatetravel9923
    @ratawatetravel9923 2 года назад +12

    ඒ දඩු මං බැද සත්කුලු පව් බිද
    සිදාදියට එන මං තැනුවා ❤❤

  • @krishanthiedward6760
    @krishanthiedward6760 10 месяцев назад +50

    I Love my Father 😢😢😢🙏🙏

  • @jagathnilanthi1117
    @jagathnilanthi1117 3 года назад +11

    ,මෙ ලොකේ ඉන්න හොදම තාත්තා ,අම්මා මගෙ .මගෙ ලොකෙ මගෙ තාත්තා,අම්මයි ගොඩාක් අදරෙයි.හැම අත්මයකම මගෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ගොඩක් අදරෙයි මගෙ දෙමාපියන්ට මගෙත් අයු ගෙන ජිවත් වෙවා.බුදු සරණයි !❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddhinitharushika-gu4xf
    @buddhinitharushika-gu4xf 2 года назад +22

    මගේ ජීවිතයෙත් වීරයා තාත්තා 💖💯

  • @anuradhasamarsinghe3191
    @anuradhasamarsinghe3191 Год назад +2

    Thatta kiyana pudgalaya deviyek . Siyalu piyawarunta budu saranai !!!

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh 5 месяцев назад +1

    Oba mathu bawayeth magema appachchi wewa oyata budu saranai appachchi karana kiyana wada sarthaka wewa appachchi ❤ ❤❤❤❤❤❤❤ I love my appachchi ❤❤❤❤❤❤

    • @User-iq8ee9eh
      @User-iq8ee9eh 5 месяцев назад

      ❤❤❤❤❤😢😢

    • @User-iq8ee9eh
      @User-iq8ee9eh 5 месяцев назад

      ❤❤❤❤❤❤❤😭😭😭😭

  • @madhushalakmali9727
    @madhushalakmali9727 2 года назад +19

    ඒ ආදරේ ලබන්න පින් කරලා නෑ... 🙂 මගේ තාත්තා ඉන්න තැනක සතුටින් ඉන්න ඕන....🙂♥️ සියළුම පියවරුන්ට බුදුසරණයි.... 🙏

  • @abepitiyasasanka6318
    @abepitiyasasanka6318 3 года назад +35

    දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ නිලයි මට අප්පච්චී ❤😍

  • @dilanikaushalya1412
    @dilanikaushalya1412 2 года назад +18

    දුවකුගේ ආදරය❤️❤️❤️❤️❤️.

  • @kasunchinthaka1024
    @kasunchinthaka1024 3 года назад +8

    තාත්තා නැති unu dawase idan amma අසනීපයෙන් me sinduwa apee gedarama sanasanawa 🙏🙏🙏

  • @lahirusampath4638
    @lahirusampath4638 Год назад +3

    අහන්න අහන්න ආර්ථවත් වගේම ලස්සනයි ✨💖

  • @anishaperera9958
    @anishaperera9958 6 месяцев назад +1

    Mama maga thattha ta godak adare labana atmet magama thattha wawa kiyala mama prartana karanawa ❤❤❤❤❤❤

  • @ajithfernando495
    @ajithfernando495 Год назад +9

    මගේ ජීවිතේ සැබෑ වීරයා මගේ ආදරනීය තාත්තා ය.♥️💞

  • @imadithpunsara7535
    @imadithpunsara7535 Год назад +8

    මගේ ඡීවිතේ ආසම සිංදුව 🖤

  • @hasithadisanayaka4268
    @hasithadisanayaka4268 2 года назад +3

    මගේ තාත්තා මට සක්විති රජු හා සමානයි මගේ තාත්තා මතු බුදු වේවා එයයි මගේ ඒකායන ප්‍රාර්ථනාව

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 года назад +12

    කවදාවත් නොමියෙන ගීත ❤❤❤❤

  • @MrNishanidesilva
    @MrNishanidesilva 3 года назад +15

    ❤️තාත්තා... ❤️එනම් ඔහුම පමණි 😭😭😭

  • @WimalaSena-zd9vd
    @WimalaSena-zd9vd 7 месяцев назад +3

    Mama thaththatabgodak adarei ❤❤❤❤ thaththa hamadama parissamin inna😊😊😊

  • @Dulmi-k2q
    @Dulmi-k2q 7 месяцев назад +3

    බුදු සරණයි තාත්තේ❤❤

  • @SumanadasaSumana-pn6yr
    @SumanadasaSumana-pn6yr Год назад +3

    ඕන කෙනෙකුට තාත්තෙක් ඉන්නකොට අගයක් නෑ ....l love my father very much 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmikavishka2832
    @nethmikavishka2832 6 месяцев назад +1

    දුවෙකුගේ පළවෙනි ආදරවන්තයා
    ඕනි කියන හැමදේම අරන් දීලා මාව ලොකු කරට ගොඩක් පින් මගේ අප්පච්චිට❤

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 года назад +3

    ඔබේ මව් පිය ගුන ගී දෙකම එකලෙස මිහිරිය .

  • @lakmalipeiris93
    @lakmalipeiris93 Год назад +7

    මගෙ ලෝකෙ මගෙ පන තාත්තා ...එ තාත්තා වම හැම ආත්මයකම පතනවා මම මගෙම තාත්තා වෙන්න කියලා ❤❤❤

  • @sureshkarunathunga9719
    @sureshkarunathunga9719 Год назад +1

    මගේ තත්තාට නිවන්සුව ලැබේවා මම ආදරෙයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RathnayakaBanda-x2i
    @RathnayakaBanda-x2i 5 месяцев назад +2

    මාර ම මාර ලස්සන සින්දු වක්

  • @කැතකෙම්ල
    @කැතකෙම්ල 2 года назад +11

    මගේ අප්පාචි මෙතන දැන් හිටියන්ම් මේ සින්දුව අහන්කොට 😞😞😞😞😞😞😢😢😢😢😢 ඔයා ගොඩක් මතක් වේන්වා මගේ අප්පාචි 😢😢😢😢🥺🥺🥺🥺😔😭😭😭😭

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 7 месяцев назад +13

    🥺❤ අනේ මගෙ තාත්ත මතක් උනා
    එයාට 59 දැන්
    මන් A/ l කරන්නෙ
    කිසිම අඩුපාඩුවක් කරෙ නැ .🥺❤
    කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒව් මට දැනෙන්න ඇරියෙ නැ
    මේ සිංදුව අහද්දි තාත්ත විදින දුක් මතක් වෙනවා
    කීවට විස්වාස කරන්නැති වෙයි ඔයාලා
    උදේ 6 ,ට විතර තේ උගුරක් බීල ගෙදරින් ගියාම හේනට
    දවල් 1-2 වෙනකන් අර අව් කට්ටෙ වැඩ
    😢
    මන් තේත් අරන් යනවා අතරමගදි
    දවල්ට කන වෙලාවට එනවා
    ඒ එද්දි අර ගලවන කමිසේ තනිකරම වතුරෙන් පෙගිල වගේ මිරිකද්දි වතුර වැක්කෙරෙනවා
    හැබැයි ඒ වතුර නෙවෙයි .දාඩිය.🥺💔
    පපුව පිච්චිලා යනවා ඒ වෙලාවට
    බුදු වෙන්න ඕනි අම්මලා විතර ක් නෙවෙයි .දෙන්නම❤
    අම්මයි තාත්තයි විදින දුක
    හැමදාම ව්දින්න දෙන්නෑ මන්🥺❤
    එ දවස වැඩි ඈතක නෙවෙයි
    " දොලේ දියයි මට
    කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට
    අප්පච්චී...😘❤

    • @සනා
      @සනා 19 дней назад

      හොදට ඉගෙන ගන්න ,හොද තැනකට ඇවිත් ඒ දෙන්නට දෙන්න පුලුවන් උපරිම සැප සම්පත් දෙන්න

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 19 дней назад

      @සනා 🤍🙂

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 года назад +44

    මේ සින්දු අහන කොට මට ඇඩෙනවා😥.....මේ ලෝකේ පරම පිවිතුරු ආදරය අම්මා අප්පච්චි☺️❤🙏

  • @colorcomadvertising3206
    @colorcomadvertising3206 11 месяцев назад +1

    ජිවිතේ ඔන තරම් මිනිස්සු මුන ගැසෙවි.,එත් තාත්තා වගේ මනුස්සයෙක් හමුවෙන්නෙ එකම එක පාරයි..😍😍

  • @kwtpass2361
    @kwtpass2361 2 года назад +7

    Mage thaththata නිවන සුව ලැබේවා

  • @maleeshabinaramali3178
    @maleeshabinaramali3178 Год назад +1

    Mage thaththa nathi wela awrudu dekak thamath heenayak wage niwan suwa labewa mage raththaran thaththa ta jivithe kawadawath ewan akalika maranayak nowewa ma karana lada pinak we nam e pin balayen ajaramara nirwana suwaya labewa 🙏🙏🙏🙏🙏

  • @hansanidissanayaka7024
    @hansanidissanayaka7024 2 года назад +3

    Niduk nirogi suwa deergausha labewa appachchi❤❤❤

  • @nadeenadee2310
    @nadeenadee2310 3 года назад +7

    මගෙ තාත්තාට දීර්ඝයුස ලැබෙවා 🙏❤

  • @janakaprasanna4561
    @janakaprasanna4561 2 года назад

    දරුවන් වෙනුවෙන් කැපවුණු සියලුම තාත්තලා මෙම sinduwa උපහාරයකි

  • @kovidakusal
    @kovidakusal Год назад +3

    කවදාවත් අඩුවක් කරලා නැ තාත්තා ♥️♥️

  • @tharukadulani7074
    @tharukadulani7074 Год назад +4

    ලස්සනට තියෙනවා ❤❤❤❤❤

  • @NilushaShamali-g2j
    @NilushaShamali-g2j 4 месяца назад

    Mamath mage thaththata godak adarei ,eth mage karumeta eya katha karannath be kan ehenneth ne,mata mage thaththagen thora lokayak gena hithaganna be mage ayushath aran jeewath wenna oni 🙏

  • @NethuHiranya-q2y
    @NethuHiranya-q2y 12 дней назад

    Thathta kiyn maha kaprukatai me kawadawt karadryk nm wennepa mage wastuwe❤❤❤❤

  • @dimuthudaundasekara3453
    @dimuthudaundasekara3453 Год назад +1

    දරුවො හීන හොයාගේන දුර රටවල ගිහින්. අප්පච්චි ඒ හීනවලට යන්න ඉනිමං තනලා මව්රටේ ඉන්දන්,අපි අපේ හීන දිනන හැටි දැකල සතුටු වෙන අවංක ආශිර්වාදය වෙන කාගෙත් වත් ගන්න බෑ. දුරක රටක හිටියත්, හිත දුවන්නෙම මහ ගෙදරට... අම්මා අප්පච්චි තරම් කැපවුන වෙන කවුරුත් අපි වෙනුවෙන් නෑ. ❤

  • @dhanushkasanjeewa-xk4dw
    @dhanushkasanjeewa-xk4dw 11 месяцев назад

    Mage appachchi ha siyaluma piyawarunta niduk nirogi bawayama labewa...❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 года назад +17

    අප්පච්චිගෙ ආදරේට සමාන කරන්න බෑ කාගෙවත් ආදරයක් මට ඇඬෙනවා මේ සින්දුව ඇහෙද්දී.

  • @ranjanisomalatha-hx6fl
    @ranjanisomalatha-hx6fl 9 месяцев назад +1

    Sema appachchi kenekma matu budu wenna one❤❤❤❤❤

  • @SupunWijerathna-l4k
    @SupunWijerathna-l4k 4 месяца назад

    තාත්ත කියන්නෙ දෙවි කෙනෙක් නෙමෙයි දේවාල ගොඩක් එක වේලක්වත් බඩගින්නෙ නොතියන තාත්ත මතු බුදු වෙන්න ඕනෙ ප❤😢 ගහ වැලේ මලයි මට අප්පච්චී ❤️

  • @RuwanKumara-o6o
    @RuwanKumara-o6o 4 дня назад

    ❤❤❤❤Thaththa thamai weeraya mge looke❤❤❤❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 2 года назад +2

    සවන්පත් විනිවිද ගත සිසාරා , ගත කිළිපොලා හදවතට කිඳා බැස එහි යළි උදුරාලිය නො හැකි සෙයින් තැන්පත් වන මේ ගීතය , මගේ තාත්තා ඇතුළු සියල් පියවරුනට උපහාරයක් !